කොවිඩ් පාලනයෙන් බලගතු රටවලට වඩා අපි ඉදිරියෙන්

0
39

 

ලෝකයේ බලගතු රටවලට වඩා කොවිඩ්-19 වයිරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. රට තුළ පවතින තත්ත්වය හමුවේ දෛනිකව රෝගීන් 500 දෙනකු වාර්තා වුව ද ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය වී ඇති බව ඒ මහතා කියා සිටියේය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මුළු රටම වසා දමා ආර්ථිකය, සංවර්ධන ඇතුළු රට ළඟාකර ගත යුතු ඉලක්ක ළඟාකර ගැනීමට නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ස්‍යෙඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ජනතාව නිසා අවබෝධයකින් යුක්තව කටයුතු කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දිය යුතු වන බවද කියා සිටියි.

අපි බය නැතුව කොවිඩ් අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත් අවශ්‍යයි. අපේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. සෑම අවස්ථාවකම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගත්තත් ඉතාමත් සුළු පිරිසක් මේ සඳහා කටයුතු කරන ආකාරයට අනුව සමහර අවස්ථාවලදී කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනය වීමක්, අඩුවීමක් දැකිය හැකියි. අපි ජීවත් විය යුත්තේ මේකත් එක්ක. ලෝක තත්ත්වයත් එක්ක බැලුවහම ලෝකයේ ප්‍රබල රටවල් මේ අවස්ථාවේ දී දණින් වැටිලා තියෙනවා. ඊයේ දිනයේ දී අමෙරිකාවේ මෙතෙක් දිනකට මියගිය වැඩිම පිරිස දිනයේ දී වාර්තා වු බව කියා සිටි හමුදාපතිවරයා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පාලනය කරගෙන ඉදිරියට යන්න අපට හැකි වූ බවත් මේ සඳහ බුද්ධිමත් ජනතාව කැපවී කටයුතු කළ යුතු වන බවත් පෙන්වා දුන්නේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here