තවත් කොවිඩ් මරණ 03ක් – මෙරට සමස්ථ මරණ ගණන 232 දක්වා ඉහළට

0
40
තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව විසින් නිවේදනය කරයි.
 
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here