නාවික හමුදාව විසින් පසුගිය 08 වනදා රාත්‍රී කාලයේදී වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 8769 ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
එම අත් අඩංගුවට ගත් කහ තොගය සහ ඉන්දියානු ජාතිකයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අද(09) දින ගොඩබිම වෙත ගෙන ඒමට කටයුතු කර තිඛේ.
වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ජනවාරි 08වනදින රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙකක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී එම යාත්‍රාවන් තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ගෝණි උර 173ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 8769 ක පමණ තොගයක් එම යාත්‍රාවන් තුල සඟවා තිබියදී සොයාගන්නා ලදී. ඒ අනුව, එම කහ තොගය සහ ඩව් (Dhow) යාත්‍රාවන්හි සිටි වයස අවුරුදු 19ත් 70ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතික සැකකරුවන් 12 දෙනෙකු සමඟ එම ඩව් (Dhow) යාත්‍රාවන් දෙක නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් මගින් රැගෙන එන ලද මෙම කහ තොගය ජාවාරම් කරුවන් විසින් මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කර මෙරටට ගෙන ඒමට සැලසුම්කර තිබූ බවට මූලික විමර්ෂණ මගින් අණාවරණය වී ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස නාවික හමුදා භාරයටගත් කහ තොගය, ඉන්දියානු ජාතිකයින් සහ ඔවුන් සතුව තිබු අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිත අතර, ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා භාර දෙන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.