දඩ මුදල් ගෙවිය නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සියලු රැඳවියන්ට නිදහස!

0
37

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් අද (9) දිනය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, විශේෂ ජනාධිපති රාජ්‍ය සමාවක් යටතේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවය.

කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර තුළ රැඳවියන්ගේ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here