නැගෙනහිර පළාතේ පාසල් 32ක් තවදුරටත් වසා තැබේ

0
38
කොවිඩ් – 19 නිසා නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් හෙට(11) දිනයේ ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
 
ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් පහක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් මෙසේ තවදුරටත් වසා තබනු ඇත. 
 
ආණ්ඩුකාරවරිය සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here