පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා පවත්වා ගෙන ආ ආකාරයටම කිසිදු වෙනසකට ලක් නොකර එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විධිමත් ආකාරයේ සේවාවක් කිරීම සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදී එහි ව්‍යුහය පමණක් ශක්තිමත් කළ යුතුව තිබෙන බවද ඒ මහතා කීය.
මහනුවරදී පෙරේදා (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
පුනරාවර්තන වියදම්වලට පමණක් මුදල් දී ප්‍රාග්ධන සංවර්ධන වැඩවලට ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් නොකරන විට පළාත් සභා අසාර්ථකයි කියා ඕනෑම කෙනකුට බොහොම ලෙහෙසියෙන් පැවසිය හැකි බවත් එසේ සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
පළාත් සභා කාර්යක්ෂම කිරීමට එහි ව්‍යුහය වෙනස් කළ යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
මේ මොහොත මැතිවරණයකට සුදුසුද නැද්ද යන්න සෑම කෙනකුම තමන්ගේ හදවතට තට්ටුකර ඇසිය යුතු බවත් ඕනෑම මැතිවරණයක් පැවැත්විය යුත්තේ මිනිස් ජීවිත රැක ගනිමින් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මහජන පරීක්ෂාවට නිරන්තරව මුහුණ දීමට තමන් සූදානම් බවත් ඒ සඳහා මෙය සුදුසු වේලවක්ද කියන එක සැවොම සිතා බැලිය යුතු බවත් හෙතෙම කීය.
අසේල කුරුළුවංශ