මැල්සිරිපුර විමලරතන නාහිමියන්ගේ සුවදුක් විමසීමට අගමැති මහින්ද යයි

0
42

කසාගල පුරාණ රාජ මහා විහාරාධිපති, ඉහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක, මැල්සිරිපුර විමලරතන නාහිමියන් බැහැදුටු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (09) උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය. රජයේ ඉදිරි ශාසනික හා සමාජීය කටයුතු මෙන්ම කොවිඩ් -19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා මෙහිදී නාහිමියන් දැනුවත් කළේය. ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ පූජ්‍ය මැල්සිරිපුර විමලරතන නාහිමියෝ අගමැතිවරයාට ආශිර්වාද එක් කළහ. මෙම අවස්ථාව සඳහා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here