මුහුදෙන් කෝටි හැටක කහ ගෙනා ඉන්දියානුවන් 12ක් අල්ලයි

0
47

නීතී විරෝධී ලෙසින් මුහුදු මඟින් ඉන්දියාවේ සිට මෙරටට කහ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය යාත්‍රා දෙකක්, ඉන්දීය ජාතික සැකකරුවන් දොළොස් දෙනකු ද සමඟින් උච්චිමුණේ මුහුදේ දී කල්පිටිය විජය නාවික හමුදාව මඟින් පෙරේදා (9) අත්අඩංගුවට ගැනිණි.

යාත්‍රා දෙකේම කහ ඇසුරුම් 173ක් පමණ තිබී ඇති අතර, කිලෝ අටදහස් හත්සිය පනහක් පමණ වූ මෙම කහ තොගයේ වටිනාකම කෝටි හැටක් පමණ වේ.

කහ තොගය හා සැකකරුවන් කටුනායක රේගු ප්‍රාදේශීය කාර්යාලය වෙත ඊයේ (10) පෙරවරුවේ බාර දුන් බව නාවික හමුදාව පැවසීය.

 

කල්පිටිය සමූහ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here