යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කොට උද්ඝෝෂණය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පසුගියදා රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කැඳවා තිබිණි.
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉදිකොට තිබූ ස්මාරකය යුද හමුදාව විසින් ඩෝසර් කරන ලදුව එම ස්ථානයෙන් ඉවත් කළ බව කියමින් විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක් ආරම්භ කොට තිබේ. නමුත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එම සිද්ධියට යුද හමුදාව කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.
විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද එම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ද සහාය පළ වීමත් සමඟම යාපනයේ සාමාන්‍ය වැසියෝ හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක් රාත්‍රියේම යාපනය විශ්ව විද්‍යාලය අසළට පැමිණ විරෝධතාවයක් දියත් කොට තිබේ. පොලීසිය එම විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේ දී පොලීසිය හා විරෝධතාකරුවන් අත්ර ගැටුමක් හටගෙන ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ ගැටුම සමතයකට පත් කොට ඇත.
නමුත් එම විරෝධතාව සඳහා තවත් පිරිසක් එක්ව සිටින අතර, මේ වන විට යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකොට ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට ඇති අසීරුතාවය නිසා මීට වසර තුනකට පමණ ඉහත දී යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මෙම ස්මාරකය ඉදි කර ඇති අතර, සිසුන් විසින් වසර කිහිපයක්ම එම ස්ථානයේ දී යුද්ධයෙන් මියගිය පිරිස සමරණ ලදි.
රසුල දිල්හාර ගමගේ –
උතුරු පළාත් විශේෂ