වේත්‍රධාරි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරයි

0
31
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක්  සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගත් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.
 
ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර සිටියි.
 
ජනවාරි  මස 05 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එදින සී සී ටී.වී ආශ්‍රයෙන් ඔහුගේ සමීපාශ්‍රිතයන් සහ  පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන හදුනාගෙන තිබේ.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ සහ කාර්‍ය මණඩලයේ කිහිප දෙනෙකු ඒ අතර වේ.  එම සමීපතමයන් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇත.
 
ජනවාරි මස 08 වැනි සිකුරාදා  කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට  පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන ඇත.ඔවුන් සම්බන්ධවද, එපරිද්දෙන්ම අදාළව කටයුතු කර ඇත.
 
අදාළ ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇතැයි සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here