සාරංගි ශ්‍රේෂාන් කටාර් බලා පියාඹති

0
16

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ සාරංගි සිල්වා සහ ශ්‍රේෂාන් ධනංජය යන දෙදෙනාට ජාතික ඔලිම්පික් කමිටුව කටාර්හී මාස හයක පුහුණුවක් දීමට කටයුතු යොදයි.

ඒ අනුව මේ පැනීමේ ඉසවුවල දක්ෂතා දැක්වූ දෙදෙනාට කටාර් ඔලිම්පික් කමිටුව මඟින් උසස් තාක්ෂණ පුහුණුව, ඉඳුම් හිටුම් හා ප්‍රවාහන පහසුකම් දීමට සැලැසුම් සකස් කර ඇතැයි ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවසීය.

ශ්‍රේෂාන් ධනංජය ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී තුම්පිම්ම මීටර් 16.12කින් හා දුර පැනීම මීටර් 7.71කින් නිම කළේය. වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලෙන් ඉගෙනුම ලැබූ ඔහු තවමත් 23 හැවිරිදි වියේ පසු වේ. ඔහු මේ වන විට තුම්පිම්ම ඉසවුවෙන් ආසියාවේ 6 වැනි ස්ථානයේ හා ලෝක ක්‍රීඩකයන් අතරේ 49 වැනි ස්ථානයේ පසු වෙයි. හෙතෙම දුර පැනීමෙන් ආසියාවේ 15 වැනි ස්ථානයේ හා ලෝක ක්‍රීඩකයන් අතරේ 73 වැනි ස්ථානයේ සිටී. 24 හැවිරිදි සාරංගි සිල්වා ජාතික මලල ශූරතාවලියේදී කාන්තා දුර පැනීමේ ඉසවුව මීටර් 6.33කින් නිම කර නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය. පාණදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඇය ශ්‍රී ලංකා කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට එක්වී දකුණු ආසියා රන් පදක්කම දිනා ගැනීමට සහාය වූ ධාවන ශූරියක් ද වේ.

 ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here