අම්ම­ලාගේ දවස

    0
    4

    පුංචි මාමගෙ ලොකු කොලූ ගේ
    අතේ තියෙනා පෝන් බෑයේ
    මයෙ පොටෝ­වක් තිබුණ කියලා
    කුසුම නැන්දා උදේ කිවුවා
    ඒක කොහො­මද වුණේ කියලා
    මයේ හිත දහ අතේ දිවුවා

    අම්ම­ලාගේ දවස කියලා
    එකක් අද තියෙ­න­වලු ලබලා
    මොකක් දෝ බුකි­ය­කට උඹ මගෙ
    පොටෝ­වක් තිබු­ණාලු දමලා
    විස්තරේ මා එක්ක කිවූවේ
    හංදියේ උලු ගෙදර නිමලා

    “මගේ අම්මට ආද­රෙයි මං
    ඇය තමා පණ මගේ හැම කල්”
    එහෙම ලියලා තිබුණ කිය­ලත්
    කිවුව නෙව ඌ මයෙ අම්ම­පල්
    ඇහුණෙ වැර­දි­ය­ටද කියාලා
    හිතිල ආයෙත් ඇහුව බං මං

    මොටද බං මට ඔවැනි විග­ඩම්
    මාස ගානක් උඹ නොදැක දැන්
    කට හඬත් අහ ගන්න ආසයි
    මතක් වෙන­කොට දුකයි හරි­යට
    පුංචි මාමගෙ ගෙදර ඉන්නම්
    හෙට දිහාවේ කතා කරපං

    නොකී­වට නම් කාරි­යක් නෑ
    ලෝකෙ­ටම අඬ­බෙර ගගහ තව
    ආදරේ බව දන්නවා මං
    නිතර බලලා යන්න නාවට
    ඉල්ලන්නෙ දෙයි­යන්ගෙ නාමෙට
    සරු වෙයං තව මගේ කොලු­වට

    දිල්රූ ජය­සේ­කර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here