ගයන්ත කරුණාතිලකට සහ පවුලේ අයට කෝවිඩ් ආසාදනය වී නැහැ

0
29
කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඉකුත් 05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනාගෙන තිබිණි.
 
ඒ බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වෙත දැනුම්දීමෙන් පසු ස්වේච්ඡාවෙන් සිය පවුල සමග පී.සී.ආර්.පරීක්ෂණය සඳහා යොමුවීමට එතුමන් විසින් තීරණය කරන ලද අතර එම පවුලේ සියලුදෙනාගේම වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට හෝ කෝවිඩ් 19 ආසාධනය වී නොමැති බව වාර්තා කොට ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here