ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියවු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ පළමු ක්‍රිකට් තරගයේදී පන්දු 60 කදී ලකුණු 63ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ඕවර් 10ක් යවා ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 32ක් පමණක් ලබා දෙමින් තම කණ්ඩායමට කඩුලු 8 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දායකත්වය ලබා දුන්නේය. ක්‍රිකට් විචාරකයන් පවසන්නේ ඩිල්ෂාන් ශ්‍රී ලංකා පිල නියෝජනය කරද්දී දුටු දක්ෂතා මෙම තරගයේදී ප්‍රදර්ශනය කළ බවය. දකුණු මෙල්බෝන් ක්‍රිකට් පිල නියෝජනය කරන ඩිල්ෂාන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සුරාජ් රන්දිව් ක්‍රීඩා කරන ඩැන්ඩෙනොන්ග් ක්‍රිකට් කණ්ඩායමය. තිලකරත්න ඩිල්ෂාන් සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජිවත් වෙයි.