
ජාතික භික්ෂු පෙරමුණ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් අද (11) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසුවේ වරාය ඇතුළු රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට විරෝධය දක්වන බවයි. එහිදී වැඩිදරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ සදහන් කළේය.
“ගෝඨාභය මහත්තයා බලයට පත්වෙන්න පෙර ඡන්දේ ඉල්ලනකොටත් අපි ජනතාවට කිව්වා ඔහු බලයට පත්වුණාට ජනතාව බලාපොරොත්තු වෙන දේවල් සිදු වෙන්නේ නෑ කියලා. හැබැයි ජනතාව අපි කියන දේ අහන්නේ නැතිව ඔවුන්ට හිතෙන දේ කළා. එදා අපි කියපු දේ වැරදියි කියපු අයටම අද සිද්ධ වෙලා තියෙනවා අපි කියපු දේම ඔවුන්ගේ වචනයෙන් කියන්න.මේ ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමට විරුද්ධව අද ඇල්ලේ හාමුදුරුවො බොහොම සැරට ආණ්ඩුවට කියනවා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා ආණ්ඩුවක් තියනවා කියලා අපි දන්නව හැබැයි අපි ඉන්නවා කියලා ආණ්ඩුව දන්නේ නෑ කියලා. මාගල්කන්දේ හාමුදුරුවෝ අභයතිස්ස හාමුදුරුවො දැන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන තැනට පත්වෙලා. ඒ නිසා අපි කියන්නේ මේ කොළඹ වරයා කියන්නේ සුරභිදෙනක්. මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩකරන්නේ. භික්ෂූන් වහන්සේගේ වගකීම තමයි ජනතාව අනතුරක වැටෙනකොට ඒක පෙන්වා දීලා එයින් ගලවා ගන්න එක. ජාතික භික්ෂු පෙරමුණ ඒ කාර්ය කරන්න සූදානම්.”
…ගමගේ…
The post රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමට එරෙහිව ඕනෑම බලවේගයක් සමග එක්ව සටන් කරනවා. appeared first on Lanka News Column.