Home Sports ඉන්දීය පිලත් ලෙඩ වාට්ටුවක්

ඉන්දීය පිලත් ලෙඩ වාට්ටුවක්

0
ඉන්දීය පිලත් ලෙඩ වාට්ටුවක්

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතර වී සිටින ඉන්දීය කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ දමමින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රාත් ආබාධයකට ලක්ව තිබේි.

උදරයේ ආබාධයකට ලක්ව සිටින ඔහුට එම හේතුව නිසා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇත.

මේ සංචාරයේදී ආබාධ හේතුවෙන් ඉන්දීය පිලට අහිමි වූ තෙවැනි වේග පන්දු යවන්නා වන බුම්රාට නිමාවූ තෙවැනි තරග‍යේ ඉනිම දෙකේදී දවාගත හැකි වූයේ කඩුලු 3ක් පමණි.

මින් පෙර තෙවැනි තරගයේදී වම් මාපටැඟිල්ලෙ අස්ථි බිදීමක් හේතුවෙන් ආබාධයකට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද සිවුවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබිණි.

ඉන්දීය පළමු ඉනිමේදී මිචෙල් ස්ටක්ගේ පන්දුවක් වැදීමෙන් ජඩේජා ආබාධයට ලක් විය. කෙසේ වෙතත් ඔහු ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, පසුව ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී පන්දු යැවීමෙන් ද වැළකී සිටියේය. මේ තරගයේදී ඉන්දීය පිල බේරාගත් හනුමා විහාරි පාදයේ ආබාධයකටත්, රවිචන්ද්‍රන් අශ්වින් ඉල අට පෙදෙසේ ආබාධයකටත් ලක්ව සිටි අතර, සිවුවැනි තරගය සඳහා ඔවුන් දෙදෙනා සහභාගිත්වය පිළිබඳ තවමත් ප්‍රකාශ වී නැත. එමෙන්ම මෙල්බර්න්හිදී පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වූ මයාන්ක් අගාර්වල්ගේ ශාරීරික යෝග්‍යතාව ඉන්දීය පිලට ගැටුවක් වී තිබේ. මේ සංචාරයේදී ලෝකේෂ් රාහුල්, මොහොමඩ් ශාමි සහ උමේෂ් යාදෙව් ද ආබාධවලට ලක් වූ අතර, ඔවුන් මේ වන විටත් යළි ඉන්දියාවට ගොස් සිටිති.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරගාවලියේ සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 15දා බ්‍රිස්බේන්හිදි ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here