ඊයේ දිනයේ දී තවත් කොවිඩ් මරණ 8 ක්

0
40
මෙරටින් ඊයේ (11) දිනයේ දී තවත් කොවිඩ් මරණ 08 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිවේදනය කළේය
 
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් වේ
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here