එස්එල්ටී-මොබිටෙල් ඊස්පෝට්ස් නව මුහුණුවරකින්

0
16

ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන සමාගමක් සතු එකම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය.

හඳුන්වා දෙන මේ ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කර ගත් පරිශීලක මිතුරු අවකාශයකි. එහිදී සයිබර් ක්‍රීඩකයන්ට විවිධ තරගාවලි, අභියෝගතා, ප්‍රජා පාදක ක්‍රීඩා පද්ධති (community game servers), පෞද්ගලික ක්‍රීඩා පද්ධති, ඩිජිටල් ක්‍රීඩා අන්තර්ගත හා ලොව ප්‍රමුඛතම ඩිජිටල් ක්‍රීඩකයන් විසින් එක් කරනු ලබන විවිධ තොරතුරු ආදී බොහෝමයක් දෑ වෙත එකම ස්ථානයකින් ප්‍රවේශ විය හැක. එය මෙරට තුළ ලබාගත හැකි පරිපූර්ණ හා වේගවත්ම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමකි. මේ නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ගෝලීය ක්‍රීඩා ප්‍රවණතා අනුව යමින් SLT-MOBITEL එකමුතුවෙන් eSports සඳහා වේදිකාවක් නිර්මාණය වීම වඩාත් කාලෝචිත වන බවත්, මෙරට eSports සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශ දැක්මට සහයෝගය දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සිය කෘතඥතාව පළ කරන බවත් ය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩස් යන මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here