Home Local ජාතික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයෙන් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ 200 ක් – රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ

ජාතික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයෙන් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ 200 ක් – රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ

0
ජාතික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයෙන් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ 200 ක් – රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ
Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කළ පී.සී.ආර්. යන්ත්‍රයෙන් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ 200 ක් සිදු කළ හැකි බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේය.

නව යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදු කිරීම ඊයේ (12) ආරම්භ කළ අතර පැය පහක පමණ කාලයකදී පරීක්ෂණ වාර්තාවන් ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පී.සී.ආර්. පරීක්ෂණ නව රසායනාගාරය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (12) පැවසුවේය. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව රසායනාගාරයේ කටයුතු ආරම්භ කෙරිණ.

කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ මේ දක්වා සිදු කළේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් වන අතර අදාළ වාර්තා ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් බලා සිටීමට ද සිදු වන බවත් එමඟින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බවත් ඒ මහතා කීය.

නව පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනයෙන් ලබාදී තිබේ.

හෘද රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ රසායනාගාරයට අවශ්‍ය නවීන උපකරණ ලබා ගැනීම සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, තිස්ස ද සිල්වා පදනම නියෝජනය කරමින් ඩෙවන් පීරිස්, සුරංජන් පෙරේරා, ඔෂාන් සේනානායක, අනිල් ද සිල්වා, ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන ස්ටැන්ලි අමරසේකර, නිමාලි ප්‍රනාන්දු, වජිර සේනාරත්න, ජානකී අබේනායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here