ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටිය ශූරතාවලියෙන් ඉවතට

0
15

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ජාතික ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ 2022 අමෙරිකාවේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ සංගමයේ (PGA) වාර්ෂික ශූරතාවලිය එම ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගන්නා බව පීජීඒ සංගමයේ සභාපති ජිම් රිචඩ්සන් නිවේදනය කළේය.

හිටපු ජනාධිපතිවරයාට අයත් ගොල්ෆ් පිටියෙන් එම තරගාවලිය ඉවත් කර ගැනීමට එම සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් රිචඩ්සන් පැවසීය.

වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ වාර්ෂික තරගාවලිය අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා මේ තරගාවලිය එම ක්‍රීඩාංගණයේ පැවැත්වීම අහිතකර හෝ පාඩු ඇති කරන ස්වරූපයක් ගනු ඇතැයි නිගමනයකට පැමිණීමෙන් පසු මේ තීරණය ගත් බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. පසුගියදා ට්‍රම්ප් හිතවාදීන් අමෙරිකාවේ අගනුවරට රැස්වී මහජන දේපළවලට හානි කරමින් සිදු කළ කලබලය මේ තීරණය ගැනීමට ආසන්නතම හේතුව බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වසර 2022 මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකාවේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ශූරතාවලිය පැවැත්වෙන ගොල්ෆ් පිටිය ඉදිරියේදී තෝරාගන්නා බව රිචඩ්සන් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here