දුම්රිය හා බස් මගීන්ගේ පහසුව සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක්

0
46
 
මගීන්ගේ පහසුව සදහා දුම්රිය සහ බස් සේවා සදහා භාවිතා කළ හැකි ඉලෙක්ට්‍රොනික කාඩ් පත ඉදිරියේදී හදුන්වා දෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා අද 12  පැවැසීය.
 
මෙහි කටයුතු අවසන් අදියරේ බව කියා සිටි ඒ මහතා නුදුරු දිනයකදී එම කාඩ්පත හදුන්වාදෙන බවද කියා සිටියේය.
 
දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,ගමනාගමන කොමිෂන් සභාව,මගී ප්‍රවාහන අධිකාරිය යන ආයතන එක්ව ඕනෑම සේවාවක් භාවිතා කළ හැකි ලෙස මේ කාඩ් පත city and ride බස් සේවාව සදහා ද හදුන්වාදෙන බවද කියා සිටියේය.
 
මේ වනවිට මෙරට බැංකු සමග සාකච්ඡා කර එහි අවසන් අදියරේ පවතින බවද කියා සිටියේය.
 
ඒ මහතා මේ බව කියා සිටියේ අද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවක් සදහා එක් වෙමිනි. 
 
 
(සුභාෂිණී සේනානායක)
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here