නැඟෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ මතය අගමැති කිව්වා – බලශක්ති ඇමැති

0
40
Author(s): 
බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට, බදු දීමට හෝ කොටසක් පැවරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේතුවේදී ප්‍රකාශයට පත් කළේ ආණ්ඩුවේ නිල මතය බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ප්‍රතිව්‍යුහගත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජයේ මතය කුමක්දැයි මාධ්‍යවේදියකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, අගමැතිවරයා පාර්ලිමේත්තුවේ ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයායි. ඔහු පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආණ්ඩුවේ මතය ඉදිරිපත් කළා. මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් ගෙන නැති කිව්වා. එය ආණ්ඩුවේ නිල මතයයි යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here