පෙර පාසල් සඳහා රුපියල් මිලියන 11ක වටිනාකමකින් යුක්ත සෞඛ්යාරක්ෂිත උපකරණ කට්ටල දීම ඊයේ (12දා) ආරම්භ කෙරිණි.
කෝවිඩ් අභියෝගය හමුවේ යළි ආරම්භ වන පෙර පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.
මෙහි පළමු පියවර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් 496ක් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම පෙර පාසල්වල ගුරුවරියන් වෙත ළමා හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා දී ඇත.
පාලින්දනුවර, අගලවත්ත, වළල්ලාවිට, මතුගම, කළුතර සහ පානදුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී පළමු අදියරේ භාණ්ඩ බෙදා දීම සිදුවිය. එක් භාණ්ඩ කට්ටලයක් සඳහා සින්ක් එකක්, අත් සෝදන දියරයන් සහ උෂ්ණත්වය මැන බලන උපකරණයක් ඇතුළත් කර තිබිණි.
නදී මාණික්කගේ