සෑම දිනෙකම ගුවන් යානයක් බැඟින් මගීන් ගෙන්වා රජයේ නිරෝධායන වැඩපිළිවෙළට යොමුකරයි – යුද හමුදාපති

0
39
Author(s): 
මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ දී රජයේ නිරෝධායන වැඩපිළිවෙල සඳහා අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දිනෙකම ගුවන් යානයක් බැඟින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස විදේශ රටවල සිට පැමිණෙන ගුවන් යානයකින් අවම වශයෙන් 300 දෙනෙකු පමණ රැගෙන එන බව පවසන යුද හමුදාපතිවරයා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ද සහාය ඇතිව මේ දක්වා 3,000 ක්ව පැවැති නිරෝධායන මධ්‍යස්ථානයන් හි ධාරිතාවය 6,000 දක්වා ඉහළ නැවීමට පියවර ගෙන තිබෙන බවද නිරෝධායන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන තිබෙන බවද පෙන්වාදෙයි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 66,000 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල රැදී සිටින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් සියලු දෙනා මෙරටට ගෙන්වා ගැනීම අරමුණ වී තිබෙන බවද ඒ අනුව දෛනිකව ගුවන් යානයක් බැගින් විදේශ රටවල සිට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බවද පවසයි.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහාය දක්වමින් ලංකා හොස්පිටල් ආයතනයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here