සීනි බදු සංශෝධනයේදී පාඩුවක් වෙලා නම් පැමිණිලි කරන්න – බලශක්ති ඇමැති

0
37
Author(s): 
බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

සීනි බදු සංශෝධනයේදී පාඩුවක් සිදුව ඇති බවට විපක්ෂය සතුව තොරතුරු තිබෙන්නේ නම්, ඒ බව මාධ්‍ය හමුවලදී කියමින් නොසිට පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැනි ආයතනවලට පැමිණිලි කළ යුතු බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක, උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔවුන් එසේ කරන්නේ නම් එම තොරතුරු පිළිබඳ විමර්ශනය කර යම් අයකු වරදක් කර ඇති නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කිරීමට හැකි බවද ඇමැතිවරයා කියයි.

ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ පිළිබඳ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැති උදය ගම්මන්පිල මහතා, අපි පසුගිය කාලයේ මහබැංකු වංචාවක් සිදුවුණා කියලා නිකම් හිටියේ නෑ. ඉතාම සාක්ෂි සහිතව ඒ වංචාව පිළිබඳ රටට තොරතුරු හෙළිකළා. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතනවලට එම තොරතුරු ඉදිරිපත් කර පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලුවා. විපක්ෂයට තොරතුරු තිබෙනවා නම් ඔවුන් මාධ්‍ය හමුවල කියනවාට වඩා පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැනි ආයතනවලට තමන් ළඟ තිබෙන තොරතුරු පැමිණිලි ස්වභාවයෙන් ඉදිරිපත් කළොත් අපට පුළුවන් ඒ තොරතුරු ගැන විමර්ශනය කර යම් කෙනෙක් වරදක් කර තිබෙනවා නම් තරාතිරම නොබලා දඬුවම් කරන්න යනුවෙන් ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here