අර්බුදයට විසඳුම නව මැතිවරණයක්

0
8

පකිස්තානයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟ හැරවීම සඳහා අලුතෙන් මැතිවරණයක් පැවැත්විය යුතු බව එරට හිටපු අගමැතිවරයකු සහ පකිස්තාන මුස්ලිම් ලීග – නවාස් පක්ෂයේ ෙජ්‍යෂ්ඨ නායකයකු වන ශහීඩ් ඛකාන් අබ්බාසි කියයි.

“අප ඉක්මනින් ම පාලකයන්ගෙන් මිදිය යුතුයි. එය රටට යහපතක් වනු ඇත. මැතිවරණ අවලංගු කිරීමේ උත්සාහය ව්‍යර්ථ කළ යුතුයි. රට කරගෙන යන්නේ අගමැති නොවෙයි වෙනත් අයෙක්“ යැයි එරට වත්මන් අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ආණ්ඩුවට පහර දෙමින් ඔහු පවසා ඇත. මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින ඔහු පීඑම්එල් – එන් පක්ෂයේ සුපිරි නායක හිටපු අගමැති නවාස් ශරීෆ් හමු වී ඇතැයි ජියෝ නිවුස් වාර්තා කළේය. අබ්බාසි තම පක්ෂයේ සභාපති ශෙබාස් ශරීෆ්ගේ පණිවිඩයක් රැගෙන ඔහුගේ වැඩිමල් සොහොයුරා හමු වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

 

පකිස්තාන මුස්ලිම් ලීග – නවාස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ශහීඩ් අබ්බාසි කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here