දීඝවාපි පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමේ අභියෝගය ජය ගන්නවා

0
26

වසර තුනකින් ජනතා අයිතියට පත් කරන බව ආරක්ෂක ලේකම් කියයි දීඝවාපි පුදබිම ප්‍රතිසංස්කරණ කිරීමේ අභියෝගය ජය ගනිමින් වසර තුනක් තුළ දී එය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ‘යළි දකිමු දීඝවාපිය’ දීඝවාපිය ප්‍රතිසංස්කරණ අරමුදල ආරම්භ කිරීමේ නිල උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේදීය.

දීගවාපි පුද බිම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් බිලියනයක මුදලක් වැය වෙතැයි ගණනය කැර ඇති අතර එම මුදල් පරිත්‍යාගශීලී ජනතාවගෙන් රැස් කැර ගැනීම අපේක්ෂාවයි. මේ අනුව දීඝවාපිය ප්‍රතිසංස්කරණ අරමුදල රැස් කිරීම ආරම්භ කිරීමේ නිල උත්සවය මේ මස 22 වැනි දා උදේ 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.

නැඟෙනහිර පළාතේ පුරා විද්‍යා සංරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස මට පැවරී ඇති කාර්යය අනුවයි දීඝවාපිය ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය කිරීමට පියවර ගනු ලබන්නේ. එම ප්‍රදේශයේ විනාශ වෙමින් තිබෙන සහ නොයකුත් තර්ජනයන්ට ලක්ව ඇති පුරා විද්‍යා ස්ථාන සංරක්ෂය සඳහා මේ අනුව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. බෞද්ධයාගේ ගෞරවනීය උරුමයක් වූ දීඝවාපී චෛත්‍ය රාජයාණන් නැවත හෙළ රජ දවස, පැරණි ශ්‍රී විභූතිය පැවති තත්ත්වයට ගෙන ඒමයි අපේ වෑයම. මෙයට සමගාමීව ඈත පළාත්වලින් පැමිණෙන බැතිමතුන්ට පවා නවාතැන් ගෙන දීඝවාපී පුදබිම වැඳපුදා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ඉදි කෙරෙනවා. පුද බිම පුරා සල්, නා ශාක වගාවටත් කටයුතු කෙරෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මහ ඉංජිනේරු තාක්ෂණය යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රමදායකත්වයෙන් මහජනතාවගේ මූල්‍යමය දායකත්වයෙන් මේ කටයුතු සිදු කෙරෙන අතර ඊට ආණ්ඩුවේ මුදල් යොදවන්නේ නෑ. මීට පෙරත් කිහිප වතාවක් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණත් අතරමඟ නතර කර තිබෙනවා. නමුත් මෙවර ආරම්භ කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු එසේ නතර කරන්නේ නෑ. උස අනුව ශ්‍රී ලංකාවේ ඇති චෛත්‍ය අතරින් දීඝවාපිය තිබෙන්නේ පස්වැනි ස්ථානයේ. දීඝවාපිය සම්පූර්ණයෙන්ම වසර තුනකදී ඉදිකර අවසන් කිරීම අපේ පරමාර්ථයයි. මෙය ඉදිකිරීමේ දී දැඩි අභියෝග රැසක් ජය ගැනීමට සිදුව තිබෙනවා. වසර තුනකින් කටයුත්ත නිම කිරීමට නම් චෛත්‍ය ඉදිකිරීමට දිනකට ගඩොල් 28,000ක් බැඳිය යුතුයි. මේ අනුව ගඩොල් මිලියන 23ක් පමණ අවශ්‍ය වෙනවා. ප්‍රමිතියෙන් යුතු ඉංජිනේරු ගඩොල් මීට අවශ්‍ය නිසා ප්‍රධානයන් ලෙස ලබා ගැනීමත් ගැටලුවක්. ඒ නිසා ගඩොල් කපා, පුච්චා ඉහළට රැගෙන යාමේ අභියෝගයට අප මුහුණ දී සිටිනවා. ‘කළ නොහැක්කක් නොමැත’ යන්න නැවතත් සනාථ කරමින් අප මේ අභියෝගය ජය ගන්නවා. මීට අමතරව සලපතල මළුව සහ වාහල්කඩ හතරක් ස්ථාපිත කෙරෙනවා. ගලින් නෙළු සමාධි පිළිම වහන්සේ හතරක් ද තැන්පත් කෙරෙනවා. මීට සමගාමීව සියලු නවීන අංගෝපාංගවලින් සමන්විත විශ්‍රාම ශාලාවක් ද ඉදි කෙරෙනවා. විශාල පිරිසකට එකවර නවාතැන් ගැනීමට හැකි වායු සමනය කළ ශාලා හතරක්, කාමර 20ක්, විශාල මුළුතැන් ගෙයක්, දන් පිළිගැන්වීමට දාන ශාලාවක් සහ බෝජන ශාලාවක් ද එයට ඇතුළත්. භූමි අලංකරණය ද මීට අයත්. මේ සියලු කටයුතු වසර තුනකදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ. මෙය විනිවිද භාවයෙන් සිදු කරන මහඟු පින්කමක්. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය සම්මත වීමෙන් පසු අප මේ සඳහා අරමුදල් රැස් කිරීමට ලංකා බැංකුවේ ගිණුවක් ආරම්භ කළා.මෙයට දැනටමත් මුදල් ලැබීම ආරම්භ වී තිබෙන නමුත් එය ජනතාව වෙනුවෙන් මේ මස 22 වැනි දා උදේ 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ආරම්භ කරනවා. මේ වන විට නාලික දෙකක් මේ සඳහා මාධ්‍ය සහය ලබා දෙමින් සිටින අතර අනෙකුත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින්ද සහාය ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

චෛත්‍ය ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් මිලියනට 800ක් පමණ වැය වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙන අතර අනෙකුත් ඉදිකිරීම් ද සමඟ වැය වෙන මුළු මුදල රුපියල් බිලියනක් පමණ වෙතැයි දැනට ගණනය කර තිබෙනවා. මීට සති කිහිපයකට පෙර මේ පුද බිමේ කළ කැණිමේදී ගල් මංජුසාවක තැන්පත් කළ රන් මංජුසා හතරක ධාතූන් වහන්සේ හමු වුණා. ඒවා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහසයි. රන් පත් ඉරුවක්ද සොයා ගත් අතර එයි සර්වඥධාතු බව සඳහන් වෙනවා. දැනට මේ ධාතූන් වහන්සේලා පුරා විද්‍යා අම්පාර දිසා කාර්යාලයට වැඩමවා නිසි ආක්ෂාව හා ගෞරව මධ්‍යයේ තැන්පත් කර තිබෙනවා. කොරෝනා ගැටලුව සමනය වූ විට මේ ධාතූන් වහන්සේ කොළඹ, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය සහ පොළොන්නරුව ඇතුළු නගර වෙත වැඩමවා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලබා නැවත දීඝවාපියට ගෙන ඒමට සූදානමක් තිබෙනවා.මේ ධාතූන් වහන්සේලා සහ 1976 මෙහිදී සිදු කැණිමකින් සොයාගත් මේ වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ මංජුසාවක තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා දීඝවාපිය පුද බිමේ විශේෂ කුටියක තැන්පත් කිරීමට යෝජිතව තිබෙනවා. මෙහි ගර්භයේ තැන්පත් නොකර වසරකට වරක් හෝ ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ. මේ ඉදිකිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර ලබා දීමට ද අවස්ථාව තිබෙනවා. නමුත් චෛත්‍ය සෑදීමේ ගඩොල් ප්‍රමිතියෙන් යුතු විය යුතුයි.

ඡායාරූපය – සාලිය රූපසිංහ චන්ද්‍රිකා පෙරේරා

දීඝවාපි පුදබිම ප්‍රතිසංස්කරණ කිරීමේ අභියෝගය ජය ගනිමින් වසර තුනක් තුළ දී එය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඡායාරූපය – සාලිය රූපසිංහ

චන්ද්‍රිකා පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here