නීරෝධායන නීති කඩ කළ 24 ක් අත්අඩංගුවට ගැනේ

0
26
ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 2462 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි
 
මෙම පිරිස අතුරින් පුද්ගලයන් 2300 කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව ද සඳහන් වේ
 
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිරෝධායන නීති වලට අනුගතව තම කටයුතු පවත්වා ගෙන යන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි
 
විශේෂයෙන් හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ වල ජනතාව එකට එකතු වී ක්‍රියාකාරකම් වල නිරත වීම සිදු නොකරන ලෙස ද ඉල්ලා සිටියි
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here