පාර්ලිමේන්තු පී.සී.ආර් පරීක්ෂණ අද

0
33
පාර්ලිමේන්තුවේ පක්ෂ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි
 
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය.
 
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
 
අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම PCR පරීක්ෂණ සිදු කෙරෙන බව වාර්තා වේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here