එකම වේලාවක වැඩ ආරම්භ කරමින් වැඩ අවසාන කිරීමේ ක්‍රියාපටිපාටිය වෙනුවට නව තාක්ෂණය භාවිත කරමින් නම්‍යශීලී රාජකාරි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව රාජකාරි සම්බන්ධයෙන් නම්‍යශීලී වේලාවන් හඳුන්වාදීම පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දුන් මාධ්‍ය හමුවට එක්වෙමිනි.