ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි, ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමු වූ ප්රථම නිල හමුව මෙය වූ අතර, නව පත්වීම් ලද බංගලාදේශ ආරක්ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිතුමන් විසින් මෙහිදී සුභාශිංසන එක් කරන ලදි.
එමෙන්ම මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.
තවද මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.