මිනිසුන් අතර එකමුතුව ගොඩනඟමු විපක්ෂ නායක

0
12

මිනිසුන් අතර ඇති එකමුතුව හා ප්‍රජා හැඟීම නැවත ප්‍රාණවත් කොට අනාගත සාර්ථකත්වය සඳහා ආශිර්වාද ලැබීමේ බලාපොරොත්තුව සලකුණු කෙරෙන බව තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී තිබේ. එමතු නොව, මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි උත්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හදුනාගත හැක. වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය මනාව ඔප්නංවන අතර මනුෂ්‍යයා හා සොබා දහම අතර ඇති අවියෝජනීය සබැඳියාව ද, මිනිසුන් අතර ඇති එකමුතුව සහ ප්‍රජා හැඟීම නැවත ප්‍රාණවත් කොට අනාගත සාර්ථකත්වය සඳහා ආශිර්වාද ලැබීමේ බලාපොරොත්තුව සංකේතවත් කිරීම ද සනිටුහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here