මියන්මාරය ඉන්දියාවෙන් කොවිඩ්-19 එන්නත් මිලියන 30ක් ඇණවුම් කරයි

0
12

තොගයම පෙබරවාරියේ එරටට

මියන්මාරය ඉන්දියාවෙන් කොවිඩ් -19 එන්නත් මිලියන 30ක් ඇණවුම් කර ඇති අතර, පෙබරවාරි වන විට ඒවා තම රටට ළඟා වන බව එරට ජනාධිපති කාර්යාලය පවසයි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සීරම් ආයතනය කොවිඩ්ෂීල්ඩ් ලෙසින් නම් කර ඇති එන්නත නිෂ්පාදනය කරන අතර, ඒ එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම වැඩිදියුණු කර ඇත. එන්නත් තොගය සඳහා ගෙවිය යුතු මුදලෙන් පළමු වාරිකය වන ඩොලර් මිලියන 75ක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් යූ සොව් හ්ටායි මාධ්‍ය වෙත පවසා ඇත. සෙන්ටිග්‍රේඩ් අංශක 2ත් 8ත් අතර ගබඩා කළ යුතු බැවින් මේ එන්නත තම රටේ දේශගුණයට ඉතාම උචිත පහසුවෙන් නඩත්තු කළ හැකි එකක්වීම ද එය තෝරා ගැනීමට හේතුවක් වී යැයි ඔහු වැඩි දුරටත් කියා තිබේ. එන්නත මුලින්ම ලබා දීමට නියමිත පිරිස අතර සෞඛ්‍ය සේවකයන්ට මුල්තැන හිමිවන බව රජයේ උපදේශක අවුන් සාන් සුකී කියා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here