ලෝකයටම එකම චීනයයයි සමස්ත චීනය නියෝජනයට මහජන චීන සමූහාණ්ඩුව කටයුතු කරනවා

0
6

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලි ජියෑන්

 

ලෝකයේ එකම චීනයක් පැවැතිය යුතු බව පවසන චීනය, සමස්ත චීනය නියෝජනය කිරීමට මහජන චීන සමූහාණ්ඩුව කටයුතු කරන බවත් එය එකම නියෝජිතයා බවත් පවසයි.

තායිවානය චීනයේ වෙන් කළ නොහැකි කොටසකි. මෙය අන්තර්ජාතික ප්‍රජාව පිළිගත් කාරණාවකි. ලොව රාජ්‍ය සම්බන්ධතා පිළිබඳ මූලික සම්මතයකි. මෙයට ප්‍රතිපක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ගෙන එන යෝජනා චීනය පිළිකුළෙන් යුතුව හෙළා දකියි. මේ බව ප්‍රකාශ වූයේ චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලිජියෑන් පසුගියදා සිදු කළ නිවේදනයක දීය. තායිවානය සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී මාර්ගෝපදේශ පද්ධතියක් ඇති කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පෙයෝ පැවැසීමත් සමඟය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here