වෙන රටවල් සිය ශ්‍රමිකයන් රකිද්දී , ලංකාව මුකුත් කළේ නෑ මන්ත්‍රී අශෝක් අබේසිංහ

0
39

කොවිඩ් හේතුවෙන් විදේශයන්හි සිර වී සිටින සිය ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට වෙනත් රටවල රජයෙන් මුදල් වෙන් කර තිබියදී මෙරට ආණ්ඩුව ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් දියත් කර නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුර අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද සඳහන් කළේය.

“මේ රජය බලයට එන්න කලින් රටේ ජනතාවට ප්‍රකාශ කළා කිසිම රාජ්‍ය සම්පතක් විදේශීයයන්ට විකුණන්නේ නැහැ කියල. වත්මන් ජනාධිපතිත්, අගමැතිත් ප්‍රකාශ කළා මේ රටේ කිසියම් හෝ රාජ්‍ය දේපොළක් විදේශිකයන් ගන්නවා නම්, අපේ රජය බලයට පත් වූ පසු ඒ දේපොළ නැවත පවරා ගන්නවා කියලා.

“අපේ වරායේ විශාල සම්පතක් වන නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ ‘අදානි’ සමාගමට බදු දෙන්න යනවා. පසුගියදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මේ ජැටිය කිසිම සමාගමකට බදු දෙන්නේ නැහැ කියලා. නමුත් වර්තමාන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දාපු කැබිනට් පත්‍රිකාව අප සතුව තියෙනවා. මේ වරායේ ආයෝජනයට ආයෝජකයෙක් එන්න ඕනෑ. ඒ ආයෝජකයා අදානි සමාගම විය යුතුයි කියල එහි සඳහන් වී තිබෙනවා. දැනට ලෝකයේ 23 වැනි තැනට තියෙන කොළඹ වරාය මේ නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම තුළින් 16 – 17 වැනි ස්ථානයකට එන්න පුළුවන්. සියයට 49ක කොටස් බදු දෙන්න මොවුන් සැලසුම් කරන්නේ ඩොලර් මිලියන 700කට. කෝටි 13,300ක්. වසර තිස් පහකට දෙනවා කියන්නේ එක් වසරකට කෝටි 380යි. දවසකට බැලුවොත් එක්කෝටි හාරදහසක් වෙනුවෙන් වසර තිස් පහක් සඳහා මේ ජැටිය ඉන්දියානු සමාගමකට බදු දීම යුක්ති සහගතද? මේක අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

“මේ රජය බදු දීමට කියන අලුත්ම වචනය ආයෝජනය කිරීම යන්නයි. පසුගිය රජය බදු දෙද්දි කිව්වා විකුණනවා කියල. නමුත් ඔවුන් බලයට පත් වූ පසු බදු දෙන එක සමාන කරන්නේ ආයෝජනයට. මිල්ලනියේ ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න යනවා. 2017 දී ආයෝජකයෙක් ඇවිත් ඒකට ආයෝජනය කළා. දැන් මේ රජයේ ජනාධිපති හා අගමැති තමන්ගේ එකක් විදියට විවෘත කරන්න යනවා. පසුගියදා මන්නාරමේ විවෘත කළ සුළං බලාගාරයත් අපේ ආණ්ඩුව ආරම්භ කළ ආයෝජනයක්. මේවා තමයි ආයෝජන කියන්නේ.

පහන් විජේසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here