අනිසි ලෙස බලය යෙදවූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගෙවුන්ට විසි වසරක සිර දඬුවම්

0
12

බලය සහ බලහත්කාරය අනිසි ලෙස යෙදවූ බවට වරදකාරිය වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනී පාර්ක් ගෙවුන් හයිට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 20ක සිර දඬුවම් තහවුරු කෙරිණි. ඊයේ (14) දුන් තීන්දුව අනුව ඇයට කලින් දී තිබූ වසර 30ක සිර දඬුවම මෙසේ වසර 20කට අඩු කෙරිණි. එරට පළමු කාන්තා ජනාධිපතිවරිය වූ පාර්ක් දූෂණ චෝදනා මත 2017 දී බලයෙන් පහ කෙරිණි. එසේම වොන් බිලියන 18ක් හෙවත් ඩොලර් මිලියන 17ක දඩයක් ද ඇයට නියම කෙරිණි.68 හැවිරිදි පාර්ක්ට දූෂණ චෝදනා සඳහා වසර 15ක් ද බලය අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවලට තවත් වසර 5ක් ද වශයෙන් බ්‍රහස්පතින්දා දුන් තීන්දුව මේ සිද්ධිය සම්බන්ධ අවසාන තීන්දුව වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here