අප්‍රිකානු සංගමයේ රටවල් අතර බෙදා හැරීමට කොවිඩ් එන්නත් මිලියන 270ක් ලබා ගැනීමට ඒ රටවල්වලට හැකි වී තිබේ. මේ සියලුම එන්නත් මේ වසරේදී ම භාවිතයට ගන්නා බව එම සංගමයේ වත්මන් සභාපතිත්වය දරණ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා කීය. අප්‍රිකානු සංගමයට අයත් කලාපය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය කරන මුළු එන්නත් ගණන මිලියන 600ක් ලෙස තක්සේරු කර ඇතත් ලැබී ඇති එන්නත් ගණන අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියයි. ලොව ධනවත් රටවල්වලට වඩා දුප්පත් රටවල්වලට එන්නත ගැනීමට වැඩිපුර කාලයක් බලා සිටීමට සිදු වනු ඇතැයි බියක් ඇති වී තිබේ.