
ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදල යොදා ගනිමින් ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය විසදා ගැනීමට උත්සාහ කරන බව පවසමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ඊයේ (13) දින අත්පත්‍රිකා 100000 දිස්ත්‍රික්ක 18ක් ආවරණය කරමින් බෙදා හරිමින් වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක නිරත විය.
එහිදී එහි කැඳවුම්කරු දුමින්ද නාගමුව සදහන් කළේ ආණ්ඩුව විශ්‍රාම යන වයස 60ක් දක්වා වැඩිකිරීමට යෝජනා කිරීම තුලින් ඉදිරි වසර 05 ක කාලය සදහා අර්ථසාදක අරමුදල් ගෙවීම පැහැර හැරීමට සැලසුම් කරන බවත් මෙම මුදල් වලින් විශාල ප්‍රමාණයක් ආණ්ඩු විසින් මේ වන විට දේශීය ණය වශයෙන් ලබා ගෙන ඇතිමුත් දැනටමත් ඒ්වා ගෙවීම පැහැර හරිමින් සිටින බවයි.
වැඩකරන ජනතාවගේ මෙම මුදල් රැකගැනීම සදහා කරනු ලබන අරගයේ ආරම්භය යෙම බවත් ඉදිරියේදී තවත් විශාල වැඩ කොටසක් සැලසුම්කර ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. ඒම දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ අවස්තා කිහිපයක් පහතින් දැක්වේ.
)
…ගමගේ…
The post ආණ්ඩුවේ EPF කොල්ලයට එරෙහිව අත්පත්‍රිකා 100 000 මුදාහරී. appeared first on Lanka News Column.