අප්‍රිකාවේ දීර්ඝ කාලයක් ප්‍රබල නායකයකු යටතේ පැවැති රටක් වන උගණ්ඩාවේ නායකත්වය අපේක්ෂාවෙන් 38 හැවිරිදි පොප් ගායකයකු මැතිවරණ සටනට අවතීර්ණ වී සිටියි. බොබී වයින් ලෙස හඳුන්වන රොබර්ට් ක්යාගුලාන්යි ප්‍රකාශ කරන්නේ තමන් රටේ තරුණ පරපුර නියෝජනය කරන බවයි. මේ අතර මෙතෙක් රට පාලනය කළ 76 හැවිරිදි යොවෙරි මුසෙවෙනි ප්‍රකාශ කරන්නේ තමන් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බවයි.
මේ මැතිවරණ කටයුතුවල දී ප්රචණ්ඩ ක්‍රියා බහුලව සිදු වී ඇති අතර කීපදෙනෙක් මියගොස් ඇත. සියලුම සමාජ මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. පාලක පක්ෂයට හිතවාදී ගිණුම් කීපයක්ම නතර කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පියවර ගත් නිසා මේ පියවර ගත් බව මුසෙවෙනි කියයි. මැතිවරණ දිනයේ කම්පාලා අගනුවර වහලවල් මත පොලිස් නිලධාරීන් යොදවන බවත් සන්නද්ධ රථ නගරය පුරා මුර සංචාරයේ යොදවන බවත් එරට පොලීසිය කියයි.