කටුනායක ගු වන්තොට රකින්න සුනඛ බළකායක්

0
28

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15) සිදු කෙරේ.

ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් විසින් රැගෙන යන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය, පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි විශේෂ හැකියාව ලත් මේ සුනඛයන් හට අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී පුහුණුව දී තිබේ.

මේ සුනඛයන්, අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදා ගනිමින්ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දුන් අතර එවැන්නක් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බළකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේදී, ගත් තීරණයට අනුව මේ විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බළකායට මීට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.

අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් ගුවන්තොටුපොළ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා යෙදවීමේ අරමුණයි.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here