කුඩු ජාවාරමුන්ට දැඩි දඬුවම්

    0
    26

     

    සතුට දනවන ප්‍රමෝදයෙන් රටේ ජනතාව අමන්දානන්දයට පත්වන ප්‍රවෘත්තිය නිසා හදවත් කනස්සල්ලෙන් මිදී සතුටේ ආස්වාදය ලබාගත්හ. රටේ තරුණ පරම්පරාවේ මනස විකෘතිකොට මතට රිසි මතට ඇබ්බැහිකොට, මිනීමැරුම් මංකොල්ල කෑම්, ආදී සමාජ විරෝධී දූෂිතයන්ට මත්කුඩු මත් ද්‍රව්‍යයට තිත තබමින් ඒ කූටෝපාකාර ජාවාරම්කාරින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, දැනට දඬුවම් ලැබ මරණ දණ්ඩනයට නියමව සිටින්නන්ද මෙතැන් සිට එවැනි මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ද මේ සම්මත නීතිය අනුව එල්ලා මැරීමට නියමිතය. කිසිම කෙනෙකුට මෙය වළකා ගැනීමට නොහැකි ලෙස පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුමාණන්ගේ අනුමත නියෝගයෙන් ක්‍රියාවට පත්ව තිබේ.

    මෙරට වාසී ජනතාවගේ ගෞරවාන්විත ප්‍රණාමය රජයට හිමිව ඇත. කෝටිපති කුඩු ව්‍යාපාරිකයන් දැනට බන්ධනාගාරවල සුඛෝපභෝගී ලෙස සිටිමින් සගයන් මාර්ගයෙන් මත්කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන බව රහසක් නොවේ. මුදලේ බලය‍ මේවාට කිසිදු අවහිරයක් නොමැත. නිලධාරී බලයද ඔවුන් යටතේ පවත්වා ගැනීම ද විශේෂත්වයකි. බණ දේශනා කිරීමෙන් වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමෙන් සිල් සමාදන් කිරීමෙන් මේ විනාශකාරී රොත්ත ජීවග්‍රහයෙන් සිටියොත් රටට කරණ මේ ද්‍රෝහී විනාශකාරී මත්කුඩු ව්‍යාපාරය මහ මොළකාරයන් සිටිනතාක් නොවැළැක්විය නොහැක.

    ‘විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා’ කිව් ලෙස මේ පාපතර මැර පිරිස ජීවිතයෙන් වන්දි ගෙවීම සඳහා එල්ලා මැරිය යුතුය. රටේ සුභ සිද්ධියටත් මතින් තොර සාරධර්ම අගයන මිනිස් සංකල්පයක් වර්ධනය කිරීම සඳහා රජය ගත් මේ අවස්ථාවට කිසිදු බලවේගයක් විරුද්ධ නොවනු ඇත. විශිෂ්ට පෙරනිමිති පහළවීමෙන් අනාගතය දෙස සෞභාග්‍යයෙන් යුතුව දර්ශනය වනු ඇත.

     

    පියදාස වීරසිංහ – සුවාරපොළ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here