කොරෝනා රෝගයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එවන ලද විද්‍යාඥ කණ්ඩායම ඊයේ (14) චීනයේ වුහාන් නගරයට පැමිණියහ. මේ පිරිස මෙසේ පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන බලධාරීන් අතර මාස ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
අදාළ වසංගතයේ ආරම්භයට සම්බන්ධ වූ පර්යේෂණ ආයතනවල, රෝහල්වල සහ මුහුදු ආහාර වෙළෙඳපොළේ සිටින අය සම්මුඛ පරීක්ෂණයට ලක් කරමින් තොරතුරු රැස්කිරීමට විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙති. කණ්ඩායමේ සිටින විද්‍යාඥයන් ගණන 10කි. වුහාන් නගරයෙන් මුලින්ම කොවිඩ් -19 හඳුනාගත්තේ 2019 වසරේදීය.