ජනපති සමඟ කළ සාකච්ඡාව ඉන්දියා අගමැති සමග කළා වගෙයි…..අදානි සමාගමේ සහ ඉන්දියාවේ මතය පමණක් ඉදිරිපත් කලා…නිරෝෂන් ගොරකානගේ.

0
23

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරයි.

එම සාකච්ඡාව ඉන්දීය අගමැති මොදි සමඟ පැවතුනු සාකච්ඡාවක් මෙන් හැගුණු බවත් ජනාධිපතිවරයා වෘර්තිය සමිති මතය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුන්නේ ඉතාම අල්ප වශයෙන් බවත් ඉන්දියාවේ සහ අදානි සාගමේ මතය ඔහු දිගින් දිගටම ප්‍රකාශකර බවත් වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ  අප කළ විමසීමකදී සදහන් කළේය.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ දිගින් දිගටම මතය වූ බවත් ඉන්දියාව හා චීනයේ වැදගත්කම කියා දීමට ඔහු උත්සාහයක නිරත වූ බව ද  අදහස  නිරෝෂන් ගොරකානගේ පවසයි.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බව වන අතර මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමක් සිදු නොවන බවත් බවසන ඔහු සදහන් කරන්නේ සියලුම වෘර්තීය සමිති එක්ව වාරයා නැගෙනහිර පර්යන්තය රැක ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

…ගමගේ…

The post ජනපති සමඟ කළ සාකච්ඡාව ඉන්දියා අගමැති සමග කළා වගෙයි…..අදානි සමාගමේ සහ ඉන්දියාවේ මතය පමණක් ඉදිරිපත් කලා…නිරෝෂන් ගොරකානගේ. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here