අමෙරිකා ජනාධිපතිට ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව පසුගියදා (13) ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය 232ට 197ක් ලෙස අනුමැතිය හිමි විය. ජාතික ආරක්ෂක බළ ඇණියේ භටයන් යොදා කැපිටල් ගොඩනැඟිල්ල ඇතුළත සහ පිටත රැකවල් තර කැර තිබියදී මේ ඡන්ද විමසීම පැවැත් වූයේ නැවත ප්රචණ්ඩ ක්රියා ඇති වේ යැයි විශ්වාස කළ බැවින්ය. කැරැල්ල උසිගැන්වීම යන චෝදනාව යටතේ ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණි.
තම ධූර කාලයේ දෙවරක් දෝෂාභියෝගයට ලක් වූ අමෙරිකාවේ එකම ජනාධිපති ලෙස ට්රම්ප්ගේ නම ඉතිහාසයට එකතු වේ. ඩොනල්ඩ් ට්රම්ප්ගේ ක්රියාවන් නිසා පාලනයට යටත් කළේ නැතොත් ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇති ජනවාරි 20 වැනි දා ඔහු තවත් ප්රජාතන්ත්රවාදයට අහිතකර ක්රියාමාර්ග සිදු කරනු ඇතැයි පවසමින් ට්රම්ප්ගේ රිපබ්ලිකන් මහජන නියෝජිතයෝ 10 දෙනෙක් ද ඔහුට එරෙහිව දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබිණි.
බුද්ධි කරුණාරත්න