තනතුරු ගැන නොසිතා රටේ බලය ගන්න වැඩ කරමු

0
36

බලය හිමි කර ගැනීම ප්‍රධාන ඉලක්කය බැවින් තනතුරු ගැන නොසිතා සියල්ලම වැඩට බැසිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවේ ඊයේ (14) පැවසීය.

පක්ෂයට ලැබුණු ඡන්ද ලක්ෂ දෙකහමාරෙන් රටෙි නායකයකු බිහි කිරීමට හැකියාවක් නැති බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට නොලැබුණු ඡන්ද ප්‍රමාණය යළි ගන්නා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේ, කොළඹ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි සිය නිවෙසට පැමිණි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් සමඟ ඊයේ පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ය.

ජේ .ආර් ජයවර්ධන මහතා සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත සිට කැපී පෙනෙන චරිත කිහිපයක් රට වටා ගොස් කළ දේශපාලන සටනේ ප්‍රතිඵලක් ලෙස 1977 දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක ඓතිහාසගත ජයග්‍රහණය හිමි වූ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කෙළේය. වර්තමාන තත්ත්වය ඊට වෙනස් වුව ද සැලසුම් කළ යුත්තේ එවැනි ගමනක් යෑමට බවද ඒ මහතා සඳහන් කැර තිබේ.

රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මෙන්ම කන්ද උඩරට කලාපයේ ඊ. එල් .සේනානායක, අනෙක් පසින් සිරිල් මැතිව්, පෝල් පෙරේරා,වින්සට් පෙරේරා මහත්වරුන් ප්‍රාදේශිය මට්ටමින් දේශපාලනය කරද්දී තිරය පිටුපසින් සිට එච්.ඩී.පී. පණ්ඩිතරත්න, එස්මන්ඩ් වික්‍රමසිංහ (සිය පියා) ,හිටපු ආරක්ෂක ලේකම් වරයෙක් වූ ජී.වී.පී.සමරසිංහ යන මහත්වරුන් ඊට අදාළ පසුබිම සකස් කර දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කෙළේය.

 

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here