ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 692 දෙදෙනෙකු හදුනා ගැනුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 30 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයින් 32 දෙනෙකු, බොරැල්ල ප්‍රදේශයෙන් 18 දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 16 දෙනෙකු සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 12 දෙනෙකු ඊයේ වාර්තා වු බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වන අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ මීගමුව පොලිස් වසමෙන්. එම සංඛ්‍යාව 32ක්. කැලණිය පොලිස් වසමෙන් ආසාදිතයින් 16 දෙනෙකු සහ පෑලියගොඩ පොලිස් වසමෙන් ආසාදිතයින් 13 දෙනෙකුද ඊයේ වාර්තා වුණා.
ඊයේ දිනයේදී කලූතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 112 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, වවුනියාව දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 16 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 14,329ක් සිදු කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 137 දෙනෙකු ඊයේ දිනයේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.