රටේ සම්පත් විකිණීමට එරෙහිව යෝධ පවුරක් ගොඩනඟනවා

0
28

ආණ්ඩුව ජනතාවගේ හඬට කන් නොදෙනවානම් ජනතාවත් සමඟ එකතුව රටේ සම්පත් විකිණීමට එරෙහිව යෝධ පවුරක් ගොඩනැඟීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

නැඟෙනහිර ජැටියෙහි 100%ක අයිතිය බේරා ගැනීම වෙනුවෙන් පෙරට පැමිණෙන්නැයි

වෘත්තිය සමිතිවලට හා ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරන බවත් මෙම ජැටියෙහි රටේ අයිතිය යටතේ තබා ගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන ජාතික කතිකාවක් ආරම්භ කළ යුතු බවත් ලාල් කාන්ත මහතා කීවෙය.

රට යා යුතු මාවත රටේ සම්පත් විකිණීම නොවන බවත් සියලු වරායවල් රටේ අයිතියට හිමි විය යුතු බවත් පැවසූ ඒ මහතා,විවිධ දේශපාලන අදහස්, වෘත්තිය සමිති ලෙස බෙදීම් සියල්ල පසකට දමා සියලු දෙනාට මෙම අයිතිය බේරා ගැනීමේ සටනට තමන්ගේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු දේ කරන බව ද පැවසීය.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here