රත්නපුර දෙමුවාවත ඉදිවන ජාත්‍යන්තර මහින්ද රාජපක්ෂ මැණික් කුලුන මුල්ගල් තැබීම අද

    0
    8

    සෞභාග්‍යයේ දැක්මෙන් රත්නපුරේ මැණික් කර්මාන්තයට  ස්වර්ණමය ආරම්භයක්

    රත්නපුරේ ඉදිවන මැණික් කුලුනට සම්පත් දායකයන් මිණිපුරෙන්මයි

    රත්නපුර දෙමුවාවත ඉදිවන ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුනට අද (15) මුල්ගල් තබයි.

     

    රත්නපුරය ලොව වටිනා මැණික් ලැබෙන නගරයයි. රත්නපුර නගරයේ සිටින ජනතාවගේ ප්‍රධාන ආදායම් ගෙන දෙන රැකියාව වනුයේද මැණික් ව්‍යාපාරයයි.මැණික් ව්‍යාපාරයේ නියැළී සිටින විශාල පිරිසකගේ කලක සිට තිබු බලාපොරොන්තු මල්ඵල ගන්වමින් ජනාධිපති

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම අර්ථවත් කරමින් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ට සහ මැණික් කර්මාන්තයේ නියැළී සිටින සියලු දෙනාට සවර්ණමය ආරම්භයට මුල පුරමින් රත්නපුර දෙමුවාවත ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුනට මුල්ගල් තැබීම රත්නපුර මැණික් සහ හරිත සංගමයේ (Ratnapura Gem & Greenary) ආරාධනයෙන් මැණික් හා ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතාගේ මුලිකත්වයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද(15) පෙරවරු 10.30ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

    මැණික් කර්මාන්තය අපට පරම්පරාවෙන් උරුම වු කර්මාන්තයකි.රත්නපුරෙන් හමුවු වටිනා නිල්මැණික් රජකාලයේ පවා නැව් මගින් පිට රටට ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ.අතීතයේ පවා අපේ මැණික්වලට ඉහළ වටිනාකමක් තිබුණි. මේ නිසාවෙන් රජවරු තම ඔටුන්නට ඔබ්බවා අලංකාර කර ගත්හ. අපලවලටද මුදුවලට මැණික් ඔබ්බවා සාදා ගන්නා ලදි. විදේශ රටවල කෞතුකාගාරවල අපේ වටිනා නිල් මැණික් තැන්පත් කර තිබේ.

    විනාඩි කීපයකදී කෝටි ගණන් මුදල් ගනුදෙනු සිදුවන රත්නපුරයේ මැණික් කර්මාන්තයේ නියැළී සිටින ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් තම ව්‍යාපාරික කටයුතු සිදුකරන්නේ රත්නපුර ඔරලෝසු කණුව අසල, රත්නපුර අඹ ගහයට, සහ රත්නපුර දෙමුවාවත මං සන්ධියට අයත් මහ පාරේය. තවත් සුළු පිරිසක් තම ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු කරති.වත්මන් රජයේ මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා රාජ්‍ය ඇමැති ධුරයට පත්වීමෙන් පසු රත්නපුර මැණික් සහ හරිත සංගමයේ (Ratnapura.Gem & Greenary)ඉල්ලීම පරිදි රත්නපුර දෙමුවාවත නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණි. මේ අවස්ථාවේදී මැණික් සංගමයේ සාමාජිකයන්,මැණික් කර්මාන්තකරුවන් විසින් තමන්ට මැණික් ව්‍යාපාරයේදී ඇති ගැටලු සහ මැණික් කර්මාන්තකරුවන් සහ මැණික් කර්මාන්තය නඟා සිටුවීමට ගතයුතු පියවර පෙන්වා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් දැනුවත් කර කඩිනම් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුන ඉදිකිරීමට පියවර ගත්තේය. මැණික් ව්‍යාපාරය එක් ව්‍යාපාරිකයකු හෝ කීපදෙනෙකු විසින් කරගෙන යන ව්‍යාපාරයක් ලෙස පෙනුනද මේ ව්‍යාපාරයෙන් විශාල පිරිසක් ජීවත් වෙති. ඝෘජු සහ වක්‍ර රැකියාවල විශාල පිරිසක් යෙදෙමින් අාදායමක් ලබන අතර මෙයින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ගලා එයි. සංචාරක ව්‍යාපාරයටද විශාල රුකුලක් වේ.වර්තමානයේ කොවිඩ් -19 වසංගතය නිසාත් නොයෙකුත් විවිධ හේතු නිසා මැණික් කර්මාන්තය සුළු පසුබෑමකට ලක්වුවත් 1970 යුගයේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් සිටිය දී රාජ්‍ය මැණික් සංස්ථාවේ සභාපති ලෙස පුංචි අප්පුහාමි මහතා කටයුතු කරද්දී මැණික් කර්මාන්තය විශාල දියුණුවක් ලබා තිබුණි. අතීතයේ පටන් අපට විදේශ විනිමය ලබාදුන් තේ, රබර්, සහ පොල්,වගාවන් අභිබවා මැණික් ව්‍යාපාරය ඉදිරියට යමින් පළමු තැනට පත්විය. එම අවධියේ පුවත්පත්වල මංගල දැන්වීම් තීරුවේ මැණික් කර්මාන්තයේ යෙදෙන මනමාලයන්ට විශේෂයි යනුවෙන් සඳහන් කර තිබුණි.එයින් මැණික් ව්‍යාපාරිකයන්ට සමාජයේ තැන ඉතා පැහැදිලිය. දිවයිනේ ඇතැම් නගරවල ඉදිකර ඇති කුලුනුවලට සම්පත් දායකයන් සොයා යායුතුය. නමුත් රත්නපුරේ ඉදිකරනු ලබන ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුනට සම්පත් දායකයන් මෙහිම සිටීම විශේෂ ලක්‍ෂණයකි.මෙහි දේශීය මෙන්ම විදේශීය විශාල ව්‍යාපාරික පිරිසකට ව්‍යාපාරික කටයුතු කිරීමට ඉඩ පහසුකම් සැලසේ.අද දෙමුවාවත ව්‍යාපාරිකයන්ට ඉඩ සීමිත මෙන්ම මිලද අධිකය. අද ‍ ඉදිවන ජාත්‍යන්තර මැණික් කුලුනෙන් ඒ සියලු බාධක වැළකෙනු ඇත.විශාල පිරිසකට රැකියා සැපයීමෙන් හා මුළු රටේ ආර්ථිකය ශක්තිමත් කරන දායාදයක් වනු ඇත. මැණික් කර්මාන්තයේ නියැළී සිටින කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් රත්නපුර දෙමුවාවත මැණික් සහ හරිත (Ratnapura.Gem & Greenary)සංගමය විශාල සේවයක් ඉටුකරයි.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ මහතා ශ්‍රී ලංකාවේ මැණික් ආර්ථිකයේ හදවත බඳු ඓතිහාසික පුරවරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුන රත්නපුර දෙමුවාවත ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට මගේ සුබපැතුම් එක් කරමි .මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නව වෙළෙඳපොළ සහ ව්‍යාපාරිකයන්ට නව මංපෙත් විවෘත කරමින් දේශීය ආර්ථිකයේ ශක්තිමත් කොටස්කරුවන් වීමට අප ආයතනය නිබඳව කටයුතු කරමින් සිටී. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ දේශීය ආර්ථිකයේ ප්‍රගමනය වෙනුවෙන් දේශීය අපනයන ආදායම රුපියල් බිලියන පහක ඉලක්කය කරා ගමන් කිරීමට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ,රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහත්වරුන්ගේ උපදෙස් මත කටයුතු කරගෙන යයි. මැණික් නිධි සොයා ගැනීම්, පතල් කැණීම්, සහ ස්වර්ණාභරණ නිෂ්පාදනය හා විදේශීය වෙළෙඳපොළ කටයුතුවල නියැළෙන අපගේ ව්‍යාපාරික ප්‍රජාව අපට ශක්තියක් සහ ජවයක් වන අතර අද දින මුල්ගල් තබන ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුනෙන් විශාල සේවයක් ඉටු වනු ඇත.

    රත්නපුර මැණික් සහ හරිත (Ratnapura.Gem & Greenary)සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව් .ආර්.ඩී.ආනන්ද දෑල මහතා මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට ස්වර්ණමය යුගයක ආරම්භය සනිටුහන් කරමින් රත්නපුර දෙමුවාවත මැණික් සහ හරිත (Ratnapura..Gem & Greenary)සංගමයේ ඉල්ලීම මත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතාගේ මුලිකත්වයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් මුල්ගල් තබන ජාත්‍යන්තර මහින්ද රාජපක්‍ෂ මැණික් කුලුන මැණික් ක්ෂේත්‍රයේ නියැළෙන අප වැනි බොහෝ පිරිසකට ලැබුණු මහඟු දායාදයකි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැළෙන විශාල පිරිසකට අපගේ සේවාවන් ලබා ගැනීමට රත්නපුරයට පැමිණෙන දේශිය සහ විදේශිය ව්‍යාපාරිකයන්ට සහ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසන මධ්‍යස්ථානයක් මෙතෙක් රත්නපුරය සතුව නොතිබුණි. මේ ආරම්භයක් සමඟ රත්නපුරට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම විශාල වශයෙන් ආර්ථික වාසි මෙන්ම විදේශ විනිමය සහ රැකියා අවස්ථා උදාකර ගත හැකි ඉතාමත් ඵලදායි ව්‍යාපෘතියකි.

    කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රාදේවි වන්නි ආරච්චි,ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර, සුළු අපනයන භෝග රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර,සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී අකිල එල්ලාවල, රත්නපුර නගරාධිපති දේශබන්දු ටිරොන් අත්තනායක මහත්වරුන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට සහභාගි වෙති.

    ———————————–

     

    සංචාරක කර්මාන්තයට රුකුලක්

    ඡායාරූප සහ සටහන –  එන්.පී.රාජදොරේ, රත්නපුර විශේෂ වාර්තාකරු

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here