පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම ඔහු සිදු කළ වරදට එහා ගිය දඬුවමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
තමා දන්නා පරිදි අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර දෙකකට වැඩි සිර දඬුවමක් දිය යුතු බව ට නීති කෘත්‍යයන්හි සඳහන් නොවන බව ද හෙතෙම කියයි.
එබැවින් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිමය තර්ක ගොඩනැඟිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කෙළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පහන් විජේසේකර