ලංගම විශ්‍රාමිකයන්ගේ කඩ වුණු පොරොන්දුව

    0
    29

    1991 වර්ෂයේදී ශ්‍රීලංගමය ජනතාකරණය කරන ලදි. මෙම පෞද්ගලීකරණ ක්‍රියාදාමයේදී සේවකයන් සඳහා කොටස් පැවරීමක් සිදුකොට ඒ සඳහා කොටස් සහතික ද ලබාදෙන ලදි. එම කොටස් මුදල් ජනතාකරණය කළ ඩිපෝ නැවත ලංගමය වෙත පවරා ගැනීමේදී සේවක ‍කොටස් හිමියන් වෙත ආපසු ගෙවීමට කටයුතු කරන බවට ප්‍රතිඥාවක් දී තිබුණ නමුත් මේ වන තෙක් එම මුදල් අප වෙත ගෙවීමට පැවති ආණ්ඩු අසමත් වී තිබේ.

    2016 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කිරීමකට අදාළව එවකට ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා විසින් කැබිනට් යෝජනාවක් ඉදිරිත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය එය අනුමත කළද, 2019 වර්ෂයට අයවැයෙන් මුදල් වෙන්කිරීමක් ඉටු නොවූයේ එම වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් නොවූ බැවිනි.

    අප සංගමය මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ අදාළ මැති ඇමැතීන් කීප දෙනෙකු සහ අග්‍රාමාත්‍ය ලේකම් පී. සමරසේකර මහතා හමුවී සාකච්ඡා කළ අතර, ඔවුන් සියලුදෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලබාගත හැකි විය. එසේම 2021 අයවැය ලේඛනය මඟින් මෙම කොටස් මුදල් සම්බන්ධ වන්දි මුදල් වෙන් කිරීමට කටයුතු සූදානම් කර ඇති බැව් දන්වා අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. එස්. අතුල කුමාර මහතා විසින් අංක PED/SLTB/16/1 2020-10-20 දිනැති ලිපියෙන් ද අප සංගමය දැනුවත් කර ඇත.

    ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම්වලින් හා අප සංගමය වෙත එවන ලද ලිපි අනුව ද 2021 න් මෙම ගෙවීම සිදුවේ යැයි දහසක් බලාපොරොත්තු ඇතිකරගෙන සිටි අප විශ්‍රාමික සේවකයෝ දැඩි අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති.

    විශ්‍රාම වැටුපක් පවා අහිමි දුෂ්කරතාවන්ට පත්වී සිටින 15000ක් පමණ වන මෙම ශ්‍රීලංගම විශ්‍රාමිකයින්ට එම කොටස් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙසට මෙයින් අපි ඉල්ලා සිටිමු.

     

    ශ්‍රී ලංගම විශ්‍රාමිකයෝ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here